17 දෙනකුට ඇපත් නෑ

මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් හැර ජනාධිපතිවරණයට තරඟ කළ සෙසු අපේක්‌ෂකයන් දාහත්දෙනාගේ ඇප මුදල් රාජසන්තක වී ඇත. සියයට එකකට වඩා වැඩි ප්‍රතිශතයක්‌ නොලද අපේක්‌ෂකයන්ගේ ඇප මුදල් මෙසේ රාජසන්තක වේ. ඒ අනුව ස්‌වාධීනව ඉදිරිපත්වූ අපේක්‌ෂකයන් දෙදෙනකුගේ සහ පිළිගත් දේශපාලන පක්‍ෂ පහළොවකින් ඉදිරිපත්වූ අපේක්‌ෂකයන් පහළොස්‌ දෙනෙකුගේ ඇප මුදල් ඔවුන්ට අහිමිවී ඇත. ස්‌වාධීන අපේක්‌ෂකයකු රුපියල් 75,000…

කරච්චියේ බස්‌ අනතුරෙන් 57 දෙනෙක්‌ මරුට

කරච්චි නුවර වෙත ගමන් කරමින් තිබූ බස්‌ රථයක්‌ තෙල් බවුසරයක ගැටීමෙන් පසුව ඇතිවූ ගින්නක්‌ නිසා පුද්ගලයන් 57 දෙනෙක්‌ මරණයට පත්වී ඇත. බස්‌ රථයේ සිටි මගීන් ගෙන් පිරිසක්‌ කවුළුවලින් පැන දිවි බේරාගෙන තිබේ. මෙම බස්‌ රථයේ අධික මඟීන් පිරිසක්‌ ප්‍රවාහනය කර ඇත. පකිස්‌තාන පොලිසිය ප්‍රකාශ කරන්නේ මේ අනතුරට හේතුව තෙල් බවුසරය පැදවූ රියෑදුරාගේ නොසැලකිල්ල බවයි.

”මට ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වෙන්න ඕන”

පෘතුගාලයේ ක්‍රිස්‌ටියානෝ රොනල්ඩෝ පිට පිටම දෙවැනි වරටත් ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට ඉකුත් සතියේදී සමත් විය. අදාළ සම්මානය දිනා ගැනීමේදී රොනාල්ඩෝගේ ප්‍රතිවාදීන් වූයේ ජර්මනියේ දැල් රකින ක්‍රීඩක මැනුවෙල් නියුමර් සහ ආර්ජන්ටිනාවේ ලයනල් මෙසීය. ලෝක පාපන්දු සම්මේලනය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙලේ ගතවූ සත් වසර තුළ වැඩි වරක්‌ වසරේ පාපන්දු ක්‍රීඩකයා…

කොමර්ෂල් ක්‍රෙඩිට්‌ රන් සම්මානයෙන් පිදුම් ලබයි

පසුගියදා පැවති 2014 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේ දී, කොමර්ෂල් ක්‍රෙඩිට්‌ ඇන්ඩ් ෆිනෑන්ස්‌ පී.එල්.සී. සමාගම, බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්‌ඩය යටතේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. ශ්‍රී ලංකාවේ ජාතික වානිජ මණ්‌ඩලය විසින් සංවිධානය කරනු ලබන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේ දී ආයතනික යහපාලනය, ධාරිතා ගොඩනැගීම, කාර්යසාධන කළමනාකරණය, ගෝලීය හා දේශීය වෙළෝදපොළ ග්‍රහණය, ආයතනික සමාජ සත්කාරක ව්‍යාපෘති…

කෝටි 13ක රට සිගරැට්‌ රේගු දැලේ

ඩුබායි සිට නීති විරෝධීව මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි 13ක්‌ වටිනා විදේශීය දුම්වැටි ලක්‍ෂ 44ක්‌ ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම විමර්ශන අංශය මගින් 19දා අත්අඩංගුවට ගෙන ඇත. රෙදි සෝදන කුඩු ගෙන්වන බවට රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලයේ අනුමැතිය ලත් මාකඳුර පිහිටි කර්මාන්තශාලාවකට නමට මෙම දුම්වැටි තොගය ආනයනය කර තිබෙන බව රේගු…

ප්‍රංශ සගරාව මුස්‌ලිම් ලෝකය ගිනි තබයි

ආර්පිකෝ ඉන්ෂුවරන්ස්‌ සමාගම ඉකුත් ජනවාරි 16 වැනිදා මේ වසරේ (2015) ප්‍රථම ලැයිස්‌තුගත කිරීම සනිටුහන් කරමින් කොළඹ ව්‍යාපාරවස්‌තු හුවමාරුවෙහි දිවිසවි පුවරුවේ ලැයිස්‌තුගත වී ඇත. රිචර්ඩ් පීරිස්‌ ඇන්ඩ් කොම්පැණි පී. එල්. සී. හි අධ්‍යක්‍ෂ, මහාචාර්ය ලක්‍ෂ්මන් ආර්. වටවල මහතා විසින් උත්සවාකාරයෙන් සීනුව නාද කිරීමෙන් අනතුරුව ද්විතියික වෙළෙඳපොළ ගනුදෙනු කටයුතු ආරම්භ විය. සිය ගනුදෙනු කටයුතු ඇරඹුණු පළමු දිනයේ…

ඉරියව්ව නිවැරදි කරගන්න අඡ්මාල් චෙන්නායි එයි

පන්දු යෑවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් චෝදනාවට ලක්‌ව ජාත්‍යන්තර තරග තහනමකට ලක්‌ව සිටින පාකිස්‌තානු පිලේ දග පන්දු යවන ක්‍රීඩක සහිඩ් අඡ්මාල්ට සිය ඉරියව්ව නිවැරදි කර ගැනීම සඳහා වන අවසන් පරීක්‍ෂණයට මෙම මස 24 වැනිදා චෙන්නායිහිදී මුහුණදේ. ඒ අනුව අදාළ පරීක්‍ෂණයේදී අඡ්මාල්ගේ පන්දු යෑවීම නිවැරදි යෑයි ඔප්පු කිරීමට ඔහු අසමත් වුවහොත් බොහෝ දුරට වසර 2 ක තරග තහනමකට…